April 20, 2024

සෞඛ්‍ය උපදෙස් අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන්න බෑ

පාසල් විවෘත කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති උපදෙස් අනුව ළමුන් ප්‍රවාහනය කරන බව පාසල් වෑන් රථ, පෞද්ගලික හා ලංගම බස් රථ රියැදුරන් පවසති.

පාසල් තුනක පමණක් සිසුන් ප්‍රවාහනය කරමින් වෑන් හා බස් රථවල අමතර අසුන ඉවත් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.

එහෙත් එක් බස් හා වෑන් රථයක පාසල් කිහිපයක ළමුන් ගමන් කරන අතර අමතර අසුන ඉවත් කළහොත් නියමිත ළමුන් ප්‍රමාණය රැගෙන යා නොහැකි බව රියැදුරෝ පවසති.

මේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවකගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සිසු සැරිය යටතේ යොදවා ඇති ලංගම බස් රථ යොදවන බවත් අවශ්‍ය වුවහොත් අමතර බස් රථද යොදන බවයි. සමස්ත ලංකා පාසල් වෑන් රථ හා බස් රථ

හිමියන්ගේ සංගමයේ සභාපති මල් ශ්‍රී සිල්වා පැවසුවේ සෞඛ්‍ය අංශය ලබාදී ඇති උපදෙස් අනුව ළමුන් ප්‍රවාහනය කළ ​නොහැකි බවයි.

හෙට සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා 5 වසර ශිෂ්‍යත්වයට මුහුණ දෙන සිසුන්ගේ පන්ති ආරම්භ කිරීමට නියමිතය.

Rate this item
(0 votes)