April 25, 2024

ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

කලුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී.ඩී.ජයසිරි මහතාගේ නිවසට මන්නයක් රැගෙන කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කලුතර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුන මන්ත්‍රී ශශී සුපුන් මහතා අද (5) රාත්‍රි එම මන්නයත් සමග  අත්අඩංගුවට ගත් බව කලුතර උතුර පොලිසිය කියයි .
 
සැකකාර මන්ත්‍රී වරයා පනාපිටිය ප්‍රදේශයේ සිදු කරන බව කියන අනවසර ඉදි කිරීමක් උප සභාපති වරයා නැවැත්වීම සම්බන්ධයෙන් උරනව ඔහු සොයා නිවසට ගොස් ඔහු නොමැති වීම හේතුවෙන් ගේට්ටුවට තියුණු ආයුධයකින් පහර දී ඇති බව උප සභාපති වරයාගෙ බිරිඳ පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන් වන බව පොලිසිය කියයි .
       
අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රී වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
Rate this item
(0 votes)