March 29, 2024

සිරී සිරී කියමින් සිරිසේනට ගැහුව සිරී කුරුණෑගලින් පරාදයි Featured

බොහෝ කලක පටන් හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ප්‍රසිද්ධියේ විවේචනය කරන ප්‍රසන්න රණතුංග මහතා මේ මෑතක සිට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතාවද දැඩි ලෙස විවේචනය කිරීම ආරම්භ කොට තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ වේදිකාවේ සිට සිරී සිරී කියමින් සිරිසේනව විවේචන කළ සිරී දයාසිරි ජයසේකර බවත් එළඹෙන මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික් ජනතාව ඔහුව පරාජය කරන බවද රණතුංග මහතා සඳහන් කරයි.

සිරිසේනට ගෑවිච්ච නිදහස් පක්ෂකාරයෙකුට ජන්දය දෙන්න එපා යැයි රණතුංග මහතා බොහෝ කලක සිට කියන ප්‍රකට කතාවකි.

Rate this item
(1 Vote)