March 29, 2024

ගම්පහ පොහොට්ටු මනාප සටනේ අවසාන ජවනිකාව ඇරඹේ Featured

ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රකාශ වලට එරෙහිව එම කණ්ඩායමේම අන් අපේක්ෂකයන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටියි.

ඊට නායකත්වය දෙන්නේ වියත්මග සංවිධානය නියෝජනය කරමින් තරඟ වදින ආචාර්ය නාලක ගොඩහේවාය. ඒ සඳහා ඔහුට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සරත් කුමාර ගුණරත්න මහතාගේ සහය ද ලැබී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබෙන සහයෝගය අගය කරමින් ගොඩහේවා මහතා ප්‍රසිද්ධියේම අදහස් ප්‍රකාශ කරන්නේ සිරිසේනට ගෑවිච්ච ශ්‍රී ලංකාකාරයෝ එකෙකුටවත් ජන්දය දෙන්න එපා යැයි සඳහන් කරමින් ප්‍රසන්න රණතුංග මහතා කරන ප්‍රකාශයට පිළිතුරු ලෙසය.

එළඹෙන මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු ලැයිස්තුවේ පළවෙනියා වන්නේ ගොඩහේවා මහතා බවට ගුණරත්න මහතා මේ වන විටත් අනාවැකි පළ කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 July 2020 21:37