April 19, 2024

වැල්ලවත්තේ රෙදිපිළි වෙළෙඳසැල් පෙළක ගින්නක්

වැල්ලවත්ත, ඩබ්ලිව්. ඒ. සිල්වා මාවතේ රෙදිපිළි වෙළෙඳසැල් පෙළක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීමට සඳහා සේවා රථ 5 ක් පිටත් කර යැවූ බවයි.

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක් ද ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා තිබේ.

මේ හේතුවෙන් ගාලු පාරේ, දෙහිවල සිට කොළඹ දෙසට ගමන් කරන මංතීරුව, වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මංසන්ධියෙන් වසා දමා තිබේ.

පොලීසිය සඳහන් කළේ, රාම ක්‍රිෂ්ණ මංසන්ධියේ සිට ඩබ්ලිව්. ඒ. සිල්වා මංසන්ධිය දක්වා ගාලු පාරේ කොළඹ දෙසට පැමිණෙන මංතීරුව එලෙස වසා දමා ඇති බවයි.

කොළඹ දෙසට පැමිණෙන වාහන සමුද්‍රාසන්න මාවත ඔස්සේ ගමන් කළ යුතු බව පොලීසිය පැවසුවේ ය.

Rate this item
(0 votes)