April 25, 2024

බැසිල්ගේ ඉල්ලීම හෙට්ටිගේ ඉවත දමයි

මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක නිපුන රණවක මහතාට සහය දෙන මෙන් අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු ලේකම් ලෙස කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ මහතාගෙන් බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ශේප කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කුමාරසිරි හෙට්ටිගේ මහතා ද මාතර දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණු ලැයිස්තුවෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට බලපොරොත්තුවෙන් සිටියද ඊට අවස්ථාවක් නොලැබිණි.

හෙට්ටිගේ මහතා රණවක මහතාට එරෙහිව යම් යම් කටයුතු කළ අතර බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් ඔහුට තදින්ම අවවාද කර තිබෙන බවද වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 July 2020 20:42