April 16, 2024

මෙරට ආණ්ඩු පිහිටුවීමට ඉන්දියා - අමෙරිකා තානාපති කාර්යාලය මැදිහත් වෙනවා - අනුර කියයි

මෙරට බිහිවූ බොහෝ ආණ්ඩු නිර්මාණය කරන්නේ ජනතාව විසින් නොව තානාපති කාර්යාල මඟින් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයේ ඊයේ (03) පැවති ජනහමුවක් අමතමිනි.

මෙරට නායකයින් බිහි කිරීමට, ආණ්ඩු පිහිටුවීමට ඉන්දියානු තානාපති කාර්යාලය, අමෙරිකානු තානාපති කාර්යාලය මැදිහත් වන බව ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරේ පිරිස එම්. සී. සී ගිවිසුම පරාජය කිරීමට එම පිලට ඡන්දය ලබා දෙන ලෙස පැවසුව ද බලයට ආ පසුවත් ගිවිසුම අහෝසි කිරීමට කටයුතු කර නැති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)