April 20, 2024

විමර්ශන නතර කිරීම ගැන මහින්දානන්දත් පරීක්ෂණයක් ඉල්ලයි

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරඟය පවා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් එම විමර්ශන කටයුතු නතර කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලීමක් කරන බව හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අද (04) පෙරවරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද මහතා මෙසේ පැවසීය.

‘‘මා විසින්  2011 ලෝක කුසලානය පිළිබඳව ප්‍රකාශයක් පසුගියදා සිදු කළා. ඒ ප්‍රකාශය මම මීට කලින් දෙවතාවක් සිදු කළා.මේ පිළිබඳව හිටපු ක්‍රීඩා ඇමතිවරු සහ ක්‍රීකට් ක්‍රිඩකයන් ප්‍රකාශ කළා. 2018 වසරේ දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා  විසින්  හරින් ප්‍රනාන්දු ඇමැතිවරයට එවන ලද ලිපියක් ද මා සතුව තියෙනවා. එකෙන් කියන්නේ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතරින් වැඩිම දුෂණ චෝදනා තියෙන රට ලංකාව කියලා. මේ පිළිබඳව දැනට පරීක්ෂණ පවත්වනවා කියලා ඇමතිවරයට දන්වලා තියෙනවා. මා විසින් කරන ලද ප්‍රකාශයට පොලිස් ඒකකය විසින් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. මම මා සතුව තිබූ සියළුම තොරතුරු ලබා දුන්නා.මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සම්බන්ධ නැ කියලා මම පැහැදිලිව කිව්වා. මම දන්නේ නෑ පොලිස් ඒකකය කුමාර සංගක්කාරවත් , මහේල ජයවර්ධනවත් කැදු වුයේ කුමන පදනමකින්ද කියලා.ක්‍රීඩකයන් සම්බන්ධ නෑ කියද්දී ක්‍රීඩකයන් කැදෙව්වේ කුමන පදනමකින්ද කියලා මම දන්නේ නැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නැ කියලා මේ පරික්ෂණය නතර කරා කියලා.මම කතා කරා මගෙන් ප්‍රකාශ ලබා ගත් පොලිස් ඒකකයට.පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරීක්ෂණය තියන්න බැ කියලා.තරග පවා දීමේ පනත සම්මත වුණේ 2019 මේ සිද්ධිය වුණේ 2011. කුමාර සංගක්කාර මහාතගේ නීතිඥයා කියලා තියෙනවා මේකට කට උත්තර ලබාදෙන්න අපි බැදිලා නැ කියලා. මොකද මේ පනත වැරදි, එතකොට තමයි පොලිසියට තේරෙන්නේ ආරම්භ කරපු පරීක්ෂණය වැරදි කියලා. පොලිසිය වැරදි පරීක්ෂණයක් ආරම්භ කරලා ඇණ ගත්තම , පරීක්ෂණය අවසන් තොරතුරු නැ කියන්න බැ.මේ වෙනකොට පොලිසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරීම් කම්ටුවේ සභාපතිවරයාගෙන් විතරයි."

"එවකට ක්‍රීකට් පාලනයේ හිටපු ලේකම්ගෙන් කට උත්තර ලබා ගත්තද?සභාපතිගෙන් ගත්තද? විධායක නිලධාරින්ගෙන් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කට උත්තර ලබාගෙන නැ. මම පැහැදිලිව සඳහන් කරා තොරතුරු ගන්න ඕනි අය කවුරුන්ද කියලා. එක් කෙනෙක්ගෙන් කට උත්තර අරගෙන පරීක්ෂණය වහන්න පුළුවන්ද? මේ විදිහටම තමයි පොලිසිය පහුගිය කාලයෙත් සිදු කළේ.අපි යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් විරුද්ධව පැමිණිලි දානකොට දවස් දෙකෙන් පැමිණිල්ල වැහුවා. මෙතනදී වෙලා තියෙන්නේ පොලිසිය පරීක්ෂණ කරලා තියෙන්නේ වැරදි විදිහට. මේ පනතට අනුව පොලිස් විමර්ශන ඒකකයට පරීක්ෂණ කරන්න බැ.මේකේ බරපතල කම නිසා මම කට උත්තරයක් දුන්නා. මේක විමර්ශනය කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සලය විසින්. මම ජනාධිපතිවරයාට කිව්වා පොලිස් ප්‍රකාශකයා විසින් අසාධාරණ ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලිමක් කළා. පොලිසිය තමන්ගේ වැරැද්ද වහා ගන්න මේක මගේ පිට දලා තියෙනවා. පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් මම අහනවා එක පුද්ගලයෙක් ගෙනල්ලා ප්‍රකාශයක් ලබාගෙන විමර්ශන නතර කරන්න පුළුවන්ද‍. 2019 සම්මත පනතින් 2011 සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන්න පුළුවන්ද කියලා මම අහනවා?කුමාර සංගක්කාර මහතා කියලා තියෙන්නෙත් මේක සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සලය විසින් කියලා. මම එදත් කිව්වා මේක දේශපාලනීකරණය කරන්න එපා කියලා. මේක විපක්ෂය දේශපාලනය කරගෙන.අපිට ලෝක කුසලානය දින්නන පුළුවන්, ආයේ දින්න නම් මේ තරගා පවා දීම නතර කරන්න ඕනි. මේක පිටි පස්සේ ක්‍රීඩකයෝ නෑ හැබැයි මේකට සම්බන්ධ අය විශාල ලෙස මුදල් වැය කරනවා මේකෙන් බේරෙන්න.‘‘ යැයි ඒ මහතා පැවසීය.

Rate this item
(0 votes)