March 29, 2024

අවසන් තරඟයට පෙර මහින්දානන්ද, නාමල් හා උදිත නේපාලයට ගියේ ඇයි? Featured

2011 දී ඉන්දියාවේ පැවති ඉන්දීය ශ්‍රී ලංකා අවසන් මහා තරඟය නැරඹීමට එහි ගිය එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ නාමල් රාජපක්ෂ හා උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුන් තරගයට පෙර දින නේපාලයේ ගත කිරීම සැක සහිත කටයුත්තක් බව එවකට පැවති රජයේ අධ්‍යාපන සේවා ඇමතිවරයා වූ විජිත් විජයමුණි ද සොයිසා මහතා අනාවරණය කරයි.

තරඟය අවසන් වී ඔවුන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ "මොකද මචන්, මැච් එක විකුණලාද ආවේ?" යැයී තමන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කළ බවද ඔහු ප්‍රකාශ කරයි.

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා "අනේ නැහැ අයියේ" යනුවෙන් ඊට පිළිතුරු දෙමින් තමා මඟ හැර ගිය බවද ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 July 2020 22:20