March 29, 2024

සිරිසේන ජනපති ලෙස සේවය කර තිබෙන්නේ 2%කට පමණයි

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරද්දී සේවය කර තිබෙන්නේ සමස්ත ශ්‍රී ලංකාවට නොව පොලොන්නරුව දිස්ත්‍රික්කයට බව මේ දිනවල ඔහු කරන කතා වලින් තහවුරු වෙයි.

මෙවර මහ මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණු අපේක්ෂකයයෙකු ලෙස ඉදිරිපත් වී සිටින සිරිසේන මහතා දේශපාලන වේදිකාවල සඳහන් කරන්නේ තමන් පොළොන්නරුවේ සංවර්ධනයෙන් සියයට 99ක් ම අවසන් කළ බවත් ඉතිරිය අගෝස්තු 5 මහ මැතිවරණයෙන් පසුව කරන බවත්ය.

රජ සමයෙන් පසුව චන්ද්‍රිකා මැතිනියගේ රජයෙන් සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයෙන් වගේම මගේ රජයෙන් පොලොන්නරුවට දැවැන්ත සංවර්ධනයක් ගෙන එන්නට මට හැකි වුණා. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ වෙහෙර මනම්පිටිය පාලම, මොරගහකන්ද - කළුගග ජලාශ, වකුගඩු රෝහල ඇතුළුව සංවර්ධන ව්‍යාපෘති පනස්දහසකට ආසන්න ප‍්‍රමාණයක් මේ වන ජනතාවට දායාද කර තිබෙනවා. රැුකී රක්ෂා තිස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් දුන්නා. පවුල් විසිපන්දහසකට ඉඩම් දුන්නා. බුදුරජාණන් වහන්සේ දරුවා මළ කිසා ගෝතමියට කිව්වා කිසිවකුත් නොමළ ගෙදරකින් අබ මිටක් රැුගෙන එන්න කියලා. මම කියනවා මගේ සංවර්ධන ව්‍යාපෘතියකින් ප‍්‍රයෝජනයක් නොගත් පොලොන්නරුවේ කෙනෙක් හොයා ගන්න කියලා. ප‍්‍රවාහන, මහා මාර්ග, අධ්‍යාපන, සෞඛ්‍ය වාරිමාර්ග ආදී මේ කුමන හෝ පොදු සේවාවක් ගත්තත් ඒ හැම කෙනෙක්ම ප‍්‍රයෝජනයක් අරගෙන තිබෙනවා." යැයි හිටපු ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කොට තිබේ.

21 ලක්ෂයකට අධික මෙවර ජනගහනයෙන් 2017 දත්ත වලට අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වාසය කරන්නේ හාර ලක්ෂ 15 දහසක ජනතාවක් වන අතර එය මෙරට ජනගහනයෙන් සියයට දෙකකට ආසන්න ප්‍රමාණයකි. ඒ අනුව 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදී ඔහුට ජන්දය දුන් 51.28න් ඔහු සේවය කර තිබෙන්නේ සියයට දෙකකට පමණ බව පැහැදිලි වේ. 

Rate this item
(1 Vote)