April 25, 2024

පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක වේදිකාවට ජනපති ගෝඨා ගොඩවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අද (03) ඇරැඹේ.

මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය උදෙසා දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන ජනහමු මාලාවකට ජනාධිපතිවරයා අද සහභාගී වීමට නියමිතය.

ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා වෙනුවෙන් තලාව තම්මැන්නාව නිදහස් උයන අසළ දී උදෑසන 10.00ට ජනහමුවක් පැවැත්වෙන අතර හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් උදෑසන 11.15ට කලාවැව වැව් තාවුල්ල අසළ දී ජනහමුවක් පැවැත්වේ.

අපේක්ෂක වීරසේන ගමගේ මහතා‍ වෙනුවෙන් දහවල් 12.00ට කැකිරාව නගරය ආසන්නයේ කුඹුක් සෙවණ අසළ දී, ටී. එම්. ආර් සිරිපාල මහතා වෙනුවෙන් දහවල් 12.55ට ගල්කුලම මංසන්ධියේ දී, වීරකුමාර දිසානායක මහතා වෙනුවෙන් පස්වරු 2.50ට කටහගස්දිගිලිය තානායම අසළ දී ජනහමු පැවැත්වේ.

Rate this item
(0 votes)