April 25, 2024

අගෝස්තු මාසයේදී බිහි වෙන්නේ ජනාධිපතිවරුන් තුන්දෙනකුගේ දායකත්වය ලැබෙන රජයක්

අගෝස්තු මාසේ පස්වැනිදායින් පසුව බිහි වෙන්නේ ජනාධිපතිවරුන් තුන්දෙනකුගේ දායකත්වය ලැබෙන ස්ථාවර රජයක් බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ දිඹුලාගල බඳනාගල මහවැලියේ පැවැති ජනහමුවකදී ය.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

"පොලොන්නරුවේ සංවර්ධනයයෙන් දැන් සියයට අනූනවයක් ඉවරයි. ඉතිරි සංවර්ධන කටයුතු ටිකත් අගෝස්තු මාසේ පස්වැනිදායින් පසුව ආරම්භ කරනවා. අගෝස්තු පස්වැනිදායින් පසුව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් දස අවුරුදු සැලැස්මක් ක‍්‍රියාත්මක කරනවා. මේ සඳහා මගේ මිත‍්‍ර මහාචාර්යවරුන් කණ්ඩායමක් උදව් කරනවා. ඉදිරි මැතිවරණයෙන් පසුව මෙතෙක් කළ සංවර්ධන ව්‍යාපෘති වේගවත් කරනවා. දේශයේ තරුණ පිරිසට කෘෂි, නාවික, ගුවන් තාක්ෂණ හා විද්‍යාත්මක ක්ෂේත‍්‍රයේ රැුකියා උත්පාදනය කිරීමට විශේෂ සැලැස්මක් තිබෙනවා."

”මැතිවරණ කොමිසමේ නියෝගයකට අනුව මේ දවස්වල පොළොන්නරුවේ මගේ නම තිබෙන සමරු ඵලක වහගෙන යනවා. පුළුවන්නම් මොරගහකන්ද කළුගඟ ජලාශත් පත්තර කොළයක් දාලා වහන්න. පොළොන්නරුවේ වකුගඩු රෝහලත් ඉටිරෙද්දකින්වත් වහන්න. බෝඞ් ලෑලිවල තිබෙන මගේ නම වැහුවාට පොලොන්නරුව ජනතාවගේ හදවත්වල සටහන් වෙලා තිබෙන මෛත‍්‍රිපාල සිරිසේන නාමය කිසිවකුට වහන්න බැහැ "

රජ සමයෙන් පසුව චන්ද්‍රිකා මැතිනියගේ රජයෙන් සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයෙන් වගේම මගේ රජයෙන් පොලොන්නරුවට දැවැන්ත සංවර්ධනයක් ගෙන එන්නට මට හැකි වුණා. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ වෙහෙර මනම්පිටිය පාලම, මොරගහකන්ද - කළුගග ජලාශ, වකුගඩු රෝහල ඇතුළුව සංවර්ධන ව්‍යාපෘති පනස්දහසකට ආසන්න ප‍්‍රමාණයක් මේ වන ජනතාවට දායාද කර තිබෙනවා. රැුකී රක්ෂා තිස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් දුන්නා. පවුල් විසිපන්දහසකට ඉඩම් දුන්නා. බුදුරජාණන් වහන්සේ දරුවා මළ කිසා ගෝතමියට කිව්වා කිසිවකුත් නොමළ ගෙදරකින් අබ මිටක් රැුගෙන එන්න කියලා. මම කියනවා මගේ සංවර්ධන ව්‍යාපෘතියකින් ප‍්‍රයෝජනයක් නොගත් පොලොන්නරුවේ කෙනෙක් හොයා ගන්න කියලා. ප‍්‍රවාහන, මහා මාර්ග, අධ්‍යාපන, සෞඛ්‍ය වාරිමාර්ග ආදී මේ කුමන හෝ පොදු සේවාවක් ගත්තත් ඒ හැම කෙනෙක්ම ප‍්‍රයෝජනයක් අරගෙන තිබෙනවා." යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)