March 28, 2024

මැතිවරණ ලකුණ සහිත මුඛ ආවරණ පළඳින්න එපා - පොලීසියෙන් දැනුම් දීමක්

දේශපාලන පක්ෂ සහ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා මැතිවරණ සලකුණ, අංකය, අපේක්ෂක නම සහිත මුඛ ආවරණ පැළඳ ප්‍රචාරණයේ යෙදීමෙන් වැළකි සිටින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එවැනි ප්‍රචාරණයක් සිදුවේ දැයි පරික්ෂා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් එකම පක්ෂයේ අපේක්ෂකයින්ගෙන් පැමිණිලි ඉදිරිපත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ආගමික උත්සවල මැතිවරණ කටයුතු ප්‍රවර්ධනයෙන් වළකින ලෙස මැතිවරණ කොමිසමේ සභාපති  සියලු පාර්ශව වලින් ඉල්ලා සිටියේය.

Rate this item
(0 votes)