April 26, 2024

මට එන්න එපා කියලා නිල දැනුම් දීමක් කළේ නැහැ : මහේල විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහෙල් ජයවර්ධන ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබේ.

ඒ 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය අද උදෑසන කියා සිටියේ මහෙල් ජයවර්ධනව අද දිනයේදී ප්‍රකාශයක් ගැනීමට කැඳවා තිබුනත් පසුව වෙනත් දිනයක් ලබාදීමේ බලාපොරොත්තු වෙන් අද ඔහුට නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන කියා සිටියේ අද දිනයේදී නොපැමිණෙන ලෙස තමන්ට කිසිදු නිල දැනුම් දීමක් සිදු නොවූ බවත්, පෙර දැනුම් දුන් පරිදි තමන් විශේෂ විමර්ෂණ ඒකකයට පැමිණි බවයි.

Rate this item
(0 votes)