April 24, 2024

පාසල් දරුවන් මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය නැත

පාසල් දරුවන්ට පන්ති කාමර තුළ මුඛ ආවරණ පැලඳ සිටීම අනිවාර්ය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

m  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයේ එය පැහැදිලිව සඳහන් වන බව ඔහු අවධාරණය කර සිටියේය. පාසලට පැමිණීමේ දී පිටව යාමේ දී මුඛ ආවරණ පැලඳීමේ ගැටලුවක් නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියි.

පාසල් දරුවකු පැය හයක් වැනි පාසල් කාලය තුළ දෛනිකව මුඛ ආවරණ පැලඳ සිටියොත් වෙනත් ​ රෝග වැලඳිය හැකි බවට ඔහු අනතුරු අඟවයි. පාසල් සිසුවකු පාසලට පැමිණි පසු සිය මුඛ ආවරණය ගලවා වෙනත් ඇසුරුමක ඔතා තබා ගැනීමද ආරක්ෂිත බව ඔහු අවධාරණය කර සිටියේය.

දිවයිනේ ඇතැම් පාසල්වල විදුහල්පතිවරු සහ ආචාර්ය මණ්ඩලය පාසල් දරුවන් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය බවට කර ඇති දැනුම්දීම් සම්බන්ධයෙන් කළ විමසීමක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)