April 25, 2024

පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්පත් කර ගන්න අවශ්‍යතාවයක් නැහැ

පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවයක් නැති බව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

නව පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණ ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගෙන ඇති බවත් ඉදිරියේදී එම පක්ෂය තවත් ශක්තිමත් කර ඉදිරියට ගෙන යාම එහි නායක මහින්ද රාජපක්ෂ මහතාගේ හා බැසිල් රාජපක්ෂ මහතාගේ අරමුණ බවද ඔහු පෙන්වා දෙයි.

බිම් මට්ටමේ සිට ඉතා සාර්ථකම සංවිධාන ජාලය තිබෙන ප්‍රධානතම දේශපාලන පක්ෂය පොදුජන පෙරමුණ බවද ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම එම පක්ෂයේ අය සතු වගකීමක් බවද ඔහු පෙන්වා දෙයි.

කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්චාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 July 2020 22:09