April 25, 2024

කරුණාගේ බිරිඳත් එළි බසී - අම්පාරේ ශ්‍රියානිත් අමතක වේ Featured

කරුණා අම්මාන් පමණක් නොව දැන් ඔහුගේ බිරිඳද දේශපාලන කරළියට පැමිණ තිබේ.

එළඹෙන මැතිවරණයේදී ඇය මඩකලපුව දිස්ත්‍රික්කයට ස්වාධීන ලැයිස්තුවකින් තරඟ වදී.

කරුණා අම්මාන් දෙමළ මහ සභාව පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරඟ වදින අතර ඊයේ (02) ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඔහුගේ බිරිඳද අදහස් දක්වන ලදී.

එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ නැගෙනහිරට කාන්තා නියෝජනයක් නොමැති බැවින් මහා මැතිවරණයට තරඟ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ගෙන් ඉල්ලා සිටි බවය.

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන එළඹෙන මහ මැතිවරණයට පොදුජන පෙරමුණෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය තරඟ කරන බව කරුණා අම්මාන්ගේ බිරිඳට අමතක වී තිබේ.

විජේවික්‍රම මහත්මිය 2010 වර්ෂයේ සිටම අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 July 2020 21:30