March 29, 2024

RMV හොර නඩේ ජනපතිටත් අගමැතිටත් කොකා පෙන්වයි - කොමසාරිස් ජනරාල් බබා වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන්  ලද  අත්හිටුවන ලද රියදුරු බලපත්‍ර ටෙන්ඩරය දීර්ග කිරීමේ ටෙන්ඩරය කෙසේ හෝ ක්‍රියාත්මක කරන්නට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ( තොරතුරු තාක්ෂණ ) තුෂාර සුරවීර යන දෙදෙනාගේ උපදෙස් පරිදි කටයුතු කල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් එදිරිසිංහ හට ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ දැඩි විරෝධයට මුහුණ පාන්නට සිදුව තිබේ.

ඒ තමන් මේ  කාඩ්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කිසිවක් දන්නේ නැතැයි සුමිත් එදිරිසිංහ ප්‍රකාශ කිරීමෙන් පසුවය. එසේනම් තමන් මෙතරම් වගකිවයුතු තනතුරක් දරන්නේ කෙසේද යන්නත් මෙවැනි සරල කටයුත්තක් කල නොහැකි නම් රජයේ ඉහල නිලධාරියකු වීම සම්බන්ධන්යෙන්  ලජ්ජා විය යුතු බවටත් මෙහිදී එහි සිටි පිරිස් ඔහුට පවසා තිබේ.එසේම මොහුව මෙම තනතුරට තෝරාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් පවා මෙහිදී කතාබහට ලක්ව තිබේ.

දකුණු පළාත් සභාවේ ලේකම්ධුරය දැරීම හා කිසිදු ප්‍රධාන ආයතනයක වගකීමක් දරා නැති මොහු මේ වන විට තුෂාර සුරවීර ගේ හා දෙපාර්තමේන්තු  නීති නිලධාරියාගේ පාලනයට නතුවී තිබේ.

ලොවම  බරපතල අර්බුදයකට ලක්ව ඇති  මේ මොහොතේ රජයේ ආදායම් ඉහල නංවා නාස්තිය හා දුෂණය වලක්වා ගැනීම සඳහාත් රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහාත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටිති.

බරපතල දුෂණ චෝදනා එල්ලවී තිබු  රියදුරු බලපත්‍ර මුද්‍රණ ටෙන්ඩරය තවදුරටත් දීර්ග නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කරන ලද අතර ඒ අනුව මෙම ටෙන්ඩරය තවත් වසර දෙකක් සඳහා දීර්ග කිරීමට අදාලව  29 වැනිදා අත්සන් තැබීමට නියමිතව තිබු ගිවිසුමද  නවතා දමන ලදී.

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න පසුගිය ජුනි 18 වැනිදා විශ්‍රාම ගියද සේවා දීර්ග කිරීමකින් තොරව තවමත් රැඳී සිටින්නේ මෙම රියදුරු බලපත්‍රයට අදාළ ගිවිසුම දීර්ග කර ගැනීමටත් දුෂිත ඊ - මෝටරින් ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීමටත්  බව කියවේ.

මෙම රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේ කටයුත්ත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටම කල හැකි බව එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසන අතර  ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් පවා දැනුවත් කරඇත. වේරහැර පරිශ්‍රයේ සේවකයෝද මෙය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන්නට සුදානමින් සිටිති. එහෙත් එහි අධීක්ෂණ නිලධාරියකු බව කියන කපිල තැනැත්තා අදාළ පුද්ගලික  සමාගමට පක්ෂව කතාකරමින් අගමැතිවරයාගේ තීරණය විවේචනයට ලක්කරමින් සිටී.

රියදුරු බලපත්‍රයක් මුද්‍රණය සඳහා රුපියල් අසුවක පමණ මුදලක් වැය වෙද්දී මේ එක කාඩ්පතක් සඳහා ශ්‍රීලංකා රජය විසින් දකුණු අප්‍රිකානු සමාගමට මෙතෙක්  ගෙවන මුදල රුපියල් 1340 කි. නව ගිවිසුම යටතේ ඒ සඳහා රුපියල් දහසක් බැගින් ලබාදීමට නියමිතව තිබිණි. එහෙත් එය රුපියල් තුන් සියයකට කල හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයාම  එහි සේවකයන් සමග පැවැත්වූ සාකච්චාවකදී පවසා තිබිණි.

මෙය රජය මගින් මෙය සිදුකල නොහැකි බව පවසන පිරිස් වෙනත් අංශවලට වහාම  මාරු නොකරන්නේ නම් රජයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අසීරු වන බව එහි සේවක පිරිස පෙන්වා දෙති.

Rate this item
(4 votes)