April 19, 2024

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය වැරදියි - අගමැති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා සිදු කළ ප්‍රකාශය වැරදි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දමිළ මාධ්‍යවේදීන් අතර අරලියගහ මන්දිරයේ දී ඊයේ (01) පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව පැවති වසර 5 ඇතුලත කිසිඳු සංවර්ධනයක් සිදු නොවුන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එහිදි ඉන්දියාවෙන් පැමිණෙන බෝට්ටු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කළ ප්‍රශ්න කිරිමකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කළ බවය.

Rate this item
(0 votes)