April 25, 2024

කොවිඩ් දෙවෙනි රැල්ලක අවදානමක්

නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද්දොත් මෙරට කොවිඩ් නයින්ටීන් දෙවැනි රැල්ලක අවදානමක් ඇති විය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

කොවිඩ් නයින්ටීන් වෛරස සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

බොහො විදේශීය රටවල රෝගී තත්ත්වය පාලනය වීමත් සමග පනවා තිබු පාලන නීති රීති ලිහිල් කිරීමක් සිදුකළ බවත් එම නිසා අදාළ රටවල් තුළ කොවිඩ් නයින්ටීන් දෙවැනි රැල්ලක් ඇති වු බව වෛද්‍යවරයා පෙන්වා දුනි.

එසේම මෙරට තුළ ද පනවා තිබු සීමාවන් මේ වන විට ලිහිල් කර ඇති බැවින් නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන්නේ නම් ශ්‍රී ලංකාවේද කොවිඩ් නයින්ටීන් දෙවැනි රැල්ලක් ඇති විය හැකි බව වෛද්‍යවරයා අනතුරු ඇඟවීය.

එම නිසා මීටරයක දුර පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම සහ දෙඅත් සබන් යොදා සේදීම අනිවාර්යයයෙන් සිදුකළ යුතු බව අවධාරණය කළේය.

නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නම් එම තත්ත්වය ඇති නොවන බව වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Rate this item
(0 votes)