August 04, 2020

තුනෙන් දෙක ගැන පොහොට්ටුවේ විවිධ මත

එළඹෙන මහා මැතිවරණයේදී ලබා ගැනීමට බලාපොරොත්තු වන තුනෙන් දෙකේ බලය හරහා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙල පිළිබඳව එහි අපේක්ෂකයන් විවිධ අදහස් පළ කිරීම මත ප්‍රශ්නකාරී තත්වයක් මතුව තිබේ.

පොදුජන පෙරමුණේ පක්ෂ නායකයෙකු වන විමල් විරවංශ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ තුනෙන් දෙක අවශ්‍ය වන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අවලංගු කිරීම සඳහා බවය.

පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායකයා වන රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ තුනෙන් දෙක අවශ්‍ය වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට බවය.

ඒ අතර තුර පොදුජන පෙරමුණේ බහුතරයක් ප්‍රකාශ කරන්නේ තුනෙන් දෙක අවශ්‍ය වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කප්පාදු කරන ලද ජනපතිගේ බලතල යලිත් ජනපතිටම ලබා දීම සඳහා බවය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 July 2020 21:35