April 25, 2024

සේනාධිපතිට සමස්ත විපක්ෂයේම විරෝධය

එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ පරාජය කිරීම ඇවන්ගාඩ් සමාගමේ ප්‍රධාන අරමුණ බවත් ඒ සඳහා තමන් රුපියල් මිලියන 50ක් වියදම් කරන බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කර තිබෙන ප්‍රකාශයට සමස්ත විපක්ෂයේම දැඩි විරෝධය එල්ල වී තිබේ.

ජවිපෙට අමතරව එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගයද සේනාධිපති මහතාගේ එම ප්‍රකාශය හෙලා දකිමින් මත ප්‍රකාශ කර තිබේ.

ජවිපෙ පරාජය කිරීමට රුපියල් මිලියන 50ක් වියදම් කරන්නේ නම් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට සේනාධිපති මහතා කෝටි කියක් වියදම් කරන්නේ දැයි විපක්ෂය ප්‍රශ්න කරයි.

එළඹෙන මහ මැතිවරණයේදී ජවිපෙට එක ආසනයක්වත් ජයග්‍රහණය කිරීමට ඉඩ ලබා නොදෙන බවත් එහි නායක අනුර කුමාර දිසානායක මහතා පරාජය කොට ගෙදර යවන බවට සේනාධිපති මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 01 July 2020 21:36