April 16, 2024

MCC ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

MCC එකඟතා මත මෙරටට මුදල් ප්‍රදානය නොකළ බවට අමෙරිකාව කරන ප්‍රකාශය සත්‍යය නම් අවස්ථා දෙකකදී අස්සන් කළ ගිවිසුම් පිළිබඳව අමෙරිකාව කරුණු පැහැදිළි කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ අතර පසුගියදා ප්‍රසිද්ධියට පත් කළ MCC සමාලෝචන වාර්තාව පිළිබඳ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දැනුවත් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (30) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දුරකථන සංවාදයක නිරත වූ බවයි.

පසුගිය දා ප්‍රකාශයට පත් කළ MCC සමාලෝචන වාර්තාව ගැන එම සංවාදයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය ලේකම්වරයාව දැනුවත් කර තිබේ.

මේ අතර උදය ගම්මන්පිල මහතා අද පෙන්වා දුන්නේ MCC එකඟතා මත මෙරටට මුදල් ප්‍රදානය නොකළ බව අමෙරිකාව පැවසුවත් එසේ කළ බව ඇඟවෙන අවස්ථා දෙකක් සම්බන්ධයෙන් සැකයන් පවතින බවය.

Rate this item
(0 votes)