March 29, 2024

මැකෝ තදින් සිටියි - බැනරුත් බැහැ Featured

අපේක්ෂකයින්ගේ අංක ඇතුළත් ඩිජිටල් තිර තබා බැනරයක්වත් දැමීමට ඉඩ නොදෙන බවත් බැනරයෙන් සිදු වන්නේත් ඩිජිටල් තිරයේ අවශ්‍යතාවය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

මනාප අංක ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීතියට පටහැනි බවද ඔහු පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මෙම දැඩි තීරණ මත එළඹෙන මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට ඇති අවස්ථාව ඇහිරෙන බව පෙන්වා දෙන විමල් විරවංශ අමාත්‍යවරයා ඊට විරෝධය පා මැතිවරණ කොමිසම වටලන ලෙස ද පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 June 2020 21:17