March 29, 2024

ජාමත් ඊ ඉස්ලාම් අන්තවාදය රටේ දැනුත් ක්‍රියාත්මකයි - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි (VIDEO)

1954 ආරම්භ කළ ජමාල් ඊ ඉස්ලාම් යන සංවිධානය දැඩි මතදාරී හා දැඩි ආගම්වාදී එකක් බවත් එහි නිත්‍ය සාමාජිකයින් 5000ක් හා 10000ක් අතර පිරිසක් සිටින බව සිංහලයේ සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අනාවරණය කරයි.

ඊට අමතරව ලක්ෂයක පමණ අනුගාමිකයින් පිරිසක්ද එම සංවිධානය සමඟ සිටින බව පෙන්වා දෙන උන්වහන්සේ ඉන් බහුතරය මාවනැල්ල, මහනුවර, බේරුවල, කාත්තන්කුඩිය හා පුත්තලම ප්‍රදේශ වල අය බවද පෙන්වා දෙයි.

මවුලවිවරයෙකුගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන මේ සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කළ බව අවධාරණය කරන උන්වහන්සේ මෙම සංවිධානය පාස්කු ඉරු දින ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බව හෙළිදරව් කරයි.

බේරුවල හා හලාවත මාදම්පේ ප්‍රදේශ වල මද්‍රසා පාසල් දෙකක්ද මෙම සංවිධානය පවත්වා ගෙන යන බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 June 2020 20:56