එළඹෙන මහ මැතිවරණයෙන් පසු තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට සහය දෙන බව කරුණා අම්මාන් මහතා යලිත් වතාවක් ඊයේ (29) අවධාරණය කළේය.
ඒ මඩකලපුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එළඹෙන අවුරුදු 20 තුලම පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ රජයක් බැවින් ඊට සහය දී උපරිමයෙන් ජනතාව වෙත සේවය කිරීම තමන්ගේ අරමුණ බව කරුණා අම්මාන් සඳහන් කළත් කරුණා අම්මාන් සමඟ කිසිදු ගිවිසුම්ගත වීමක් නැති බවත් ඔහු පොදුජන පෙරමුණට එක් නොකර ගන්නා බව එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මිට පෙර අවධාරණය කොට තිබිණි.