April 18, 2024

මහ බැංකු වංචාව සහ අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වගකීම රනිල් බාරගත යුතුයි - චම්පික

පසුගිය ආණ්ඩුව සමයේ අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරිම සිදු කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාව මත බව කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පසුගිය ආණ්ඩු සමයේ කැබිනට් හමුවකදි මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් අර්ජුන මහේන්ද්‍රන්ගේ නම යෝජනා කළ විට තමන් සහ රාජිත සේනාරත්න මහතා එයට විරුද්ධ වු බවත් ඔහු පැවසීය.

නමුත් මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් තමා සම්පුර්ණයෙන් වගකියන බවට එහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැවසූ බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

එම නිසා මහ බැංකුවේ සිදු වූ වංචාවන් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව ඔහු අවධාරණය කළේය.

කළුතර පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

Rate this item
(0 votes)