දකුණේ පාතාල කල්ලියකට අයත් T 56 අවි 12ක් සමඟ සැකකරුවෙකු හෝමාගම – පිටිපනදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයට ලද තොරතුරකට අනුව අද සිදුකළ වැටලීමකදිය.
ගගන නමැති බන්ධනාගාර ගතව සිටින පාතාල නායකයාගේ ගෝලයකු වන පොට්ට කපිල සමග හෝමාගම,පිටිපන කිරිබේරියකැලේ දී ටී 56අවී 12සොයාගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කරනු ලැබීය.