April 25, 2024

"මම අවුරුදු 30ක් ......" - වරායේ තත්ත්වය උණුසුම් වෙයි වෘත්තිය සමිති සභාපති ගැටෙයි Featured

ඉකුත් 23 වැනි අඟහරුවාදා සවස 04ට පමණ වරාය පරිශ්‍රයේ වරාය සභාපති හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා සහ වරාය වෘත්තීය සමිති අතර පැවැති රැස්වීම ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ගෙන තිබේ.

චීනයේ සිට ගෙන එන ලද ග්‍රැන්ටි දොඹකර 03ක් ගොඩබෑමට ඉඩ නොදීම මත වරාය අධිකාරියේ පාලන තන්ත්‍රය හා වෘත්තීය සමිති සමඟ පැවැති මෙම හමුවේ දී මෙම උණුසුම්කාරී තත්ත්වය හට ගෙන තිබේ. හදිසියේ ම කැඳ වූ එම රැස්වීමට පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය මෙන්ම ඉංජිනේරු සංගමයේ වෘත්තීය සමිතිද සහභාගී වී තිබේ.

එහිදී වරාය සේවකයන් “අපිත් මේ වරායේ අවුරුදු 30ක් වැඩ කරා”යැයි පවසා තිබෙන අතර ඊට එරෙහිව නැගී සිටි වරාය සභාපතිවරයා “අවුරුදු 30ක් හමුදාවේ පොල් ගෑවේ නැහැ” යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ වරාය සේවයකයන් සිය විරෝධය සභාපතිවරයාට එල්ල කොට තිබේ.

ඒ අවස්ථාවේ දී සභාපතිවරයා සිය කාමරය වෙත ගොස් ඇති අතර වෘත්තීය සමිති නියෝජිතයන් ඔහුට හූ තබා ඇතිබවද වාර්තා වෙයි. 

Rate this item
(2 votes)
Last modified on Sunday, 28 June 2020 12:04