March 29, 2024

විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳනවා - දිනේෂ්

විදේශ රැකියා කරන ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා එක්සත් ජාතින්ගේ ශ්‍රමික සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය සමඟ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බව විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහාතා පවසයි. 

මෙම ගිවිසුම් අත්සන් කිරීම තුලින් ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන්ගේ ගැටළු වලට ඉක්මන්විසඳුම් ලබා ගත හැකි වනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ විශේෂයෙන්ම යුරෝපය, මැදපෙරදිග, ජපානය, කොරියාව, මැලේසියාව ආදී රටවල රැකියා කරනු ලබන ශ්‍රී ලාංකිකයන් ඇතැම් ගැටලු වලට මුහුණ දී සින බවත් මෙම ශ්‍රමිකයන්ගේ ගැටළු විසඳා ගැනීම, සෞඛ්‍ය හා ජීවිත සුරක්ෂිතතාවය තහවුරු කිරීම, ඔවුන් රැකියා වලින් උපයන ආදායම වැඩිකර දීම, පාරිතෝෂික ගෙවීම් කඩිනම් කරදීම, මෙම ද්වීපාර්ශීය ගිවිසුම් අත්සන් කිරීම තුළින් ඉටුවන බවයි. 

තවද විශ්‍රාමික යෝජනා, විදේශ රැකියා අර්ථසාධක අරමුදල් හා එයට හිමිවන තැන්පත් මුදල් ලබා ගැනීම, මුදල් එවීමේ දී අයකරනු ලබන ඉහළ ගාස්තු අඩු කරගැනීමට ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍යංශය හා එක්සත් ජාතීන්ගේ ශ්‍රමික සංක්‍රමණය සඳහාවන ජාත්‍යන්තර සංවිධාන සමඟ සමීප සම්බන්ධතාවයකින් කටයුතු කිරීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා පවසයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 June 2020 21:14