April 25, 2024

මෑත කාලයේ අච්චු ගහපු රුපියල් බිලියන 74 කට වුණ දේ ගැන සැක සහිත බව තිස්ස කියයි

ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෑත කාලයේ මුද්‍රණය කළ සහ වෙළඳපලට නිකුක් කර ඇති මුදල් පිළිබඳ සත්‍යය තොරතුරු වහාම රටට අනාවරණ කිරීමට රජය පියවර ගත යුතු බව සමගි ජන බලවේගය පවසයි.

පසුගිය මාස කිහිපයේදී මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටු අතරින් රුපියල් බිලියන 74 ක මුදලකට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ බරපතල සැකයක් මතුව ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ සාමාජික තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.

ගල්කිස්සේ මුහුදු තීරයේ වැලි පිරවීමේ ව්‍යාපෘතිය පිළිබඳ පවතින මතබේදාත්මක තත්වය පිළීබඳවද තිස්ස අත්තනායක මහතා මෙහිදී අදහස් දැක්වීය.

ඔහු කියා සිටියේ අදාල ව්‍යාපෘතිය අනුමත කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව බවයි.

Rate this item
(0 votes)