April 25, 2024

අද සිට රටේ තිබෙන්නේ රාජාණ්ඩුවක් - නලින් බණ්ඩාර

අද (02) වන විට පාර්ලිමේන්තුවක් නොමැති තත්ත්වයක් තුළ මෙන්ම විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි රැස් නොකිරීම මත අද සිට මෙරට ක්‍රියාත්මක වන්නේ රාජාණ්ඩුවක් බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

2015 අගෝස්තු 17 වැනිදා මැතිවරණයෙන් වසර 05කට පසුව පාර්ලිමේන්තුවේ නිල කාලය එළැඹෙන සැප්තැම්බර් 02 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි වී තිබෙන බලතල මත ඉකුත් මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියමුත් ඒ නිල කාලය තවමත් අහෝසි වී නොමැති බවද ඔහු පේනවා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස 03ක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් කැඳවිය යුතු අතර මේ දිනය අදින් අවසන් වෙන බවත් ඒ අනුව අද සිට රජෙක් සිටියත් පාර්ලිමේන්තුවක් නැති තත්ත්වයක් මත රට රාජාණ්ඩුවක් බවට පත්වන බව ඔහු පෙන්වා දෙයි.

නලින් බණ්ඩාර මහතා සමගි ජනබලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට නාම යෝජනා දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 June 2020 23:24