April 23, 2024

මැතිවරණ කොමිසමත් දැන් උසාවියේ හිරවෙලා - දායාසිරි

ඡන්ද දායකයාගේ ජීවිත පරදුවට තබා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නැති බව එහි මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීමට මේ වන විට මැතිවරණ කොමිසමට පවා නොහැකිව තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නීතිමය ක්‍රියා මාර්ග නිසා බව පෙන්වන ජයසේකර මහතා මැතිවරණ කොමිසමද දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිරවී සිටින බවද පෙන්වා දෙයි.

පොදුජන පෙරමුණේ සන්ධාන ගත පාර්ශවයක් වන ශ්‍රී.ල.නි.ප ය මැතිවරණ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ දරණ දැඩි මතයට වඩා වෙනස් මතයක් දරණ බව ඉන් පෙන්නුම් කෙරේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 June 2020 23:23