July 14, 2020

අපි ගාව ගේම් නැහැ - කවුරු මොනවා කිව්වත් ඡන්දේ තියන්න දින 60-70වක් අවශ්‍යයි Featured

කවුරු කෙසේ කීවත් මහා මැතිවරණය පැවැත්වීමට දින 60ක් 70ක් අතර කාලයක් අවශ්‍ය බව ස්වාධීන මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (01) යළිත් අවධාරණය කළේය.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මැතිවරණයට සුදානම් වීම හා මැතිවරණය පැවැත්වීමට එම කාලය අත්‍යවශ්‍ය බව දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.

පවතින තත්ත්වය හමුවේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සේවක මණ්ඩලය පවා සෞඛ්‍යයමය ක්‍රමවලට අනුව රාජකාරී කටයුතුවල යෙදවීමට සිදුව තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

එසේ නැතුව මැතිවරණ කොමිසම ගේම් ගැහිලිවල නිරත නැතිබවද ඔහු ප්‍රකාශ කරයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (01) මාධ්‍ය අමතමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 June 2020 23:18