April 18, 2024

විරෝධතාකරුවන් ධවල මන්දිරය වටලයි

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් පවත්වන විරෝධතා මේ වන විට ඇමෙරිකානු ජනපති මන්දිරය වන ධවල මන්දිරය ආසන්නයටම පැමිණ ඇතැයි වාර්තා වේ.

විරෝධතාවයේ යෙදී සිටින පිරිස් පාලනයට මේ වන විට එරට ජාතික ආරක්ෂක බලකාය ද යොදවා තිබේ. විරෝධතාකරුවන් ධවල මන්දිරය අසල විවිධ දේවල් ගිනි තබමින් විරෝධතාවය දක්වා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවී තිබෙන අතර එහිදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයන්ද එල්ල කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් විරෝධතාකරුවන්ට එරෙහිව කරන ලද ප්‍රකාශයක් මුල් කරගනිමින් මෙම විරෝධතාකරුවන් ධවල මන්දිරය අසළ විරෝධය පළ කරමින් සිටි.  

Rate this item
(0 votes)