April 24, 2024

දිවයිනට එන සියලු දෙනා කටුනායක ගුවන්තොටුපලේදීම PCR පරීක්ෂාවට

අද(01) දිනයේ සිට කටුනායක ගුවන් තොටුපලෙන් රට ඇතුළු වන පිරිස එම ස්ථානයේ දීම PCR පරීක්ෂාවට ලක් කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කටුනායක ගුවන් තොටුපලට මෙලෙස පැමිණෙන අය හෝටලයක හෝ වෙනත් රැඳවුම් ස්ථානයක නතර කර මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කුවේට් රාජ්‍යයෙන් පැමිණි බොහෝ අයට කොරෝනා වැළඳී ඇති බව අනාවරණය වී ඇතැයි ද පැවසු අමාත්‍යවරයා ඔවුන් ලාංකිකයින් ලෙස ලංකාවට ගෙන එන වැඩ පිළිවෙල මේ වන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව සුදානම් කර ඇතැයි ද කියා සිටියේය.

මේ වන විට රටවල් 21 කින් විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් 10000 කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ඇතැයි ද ඉදිරියේ දී තවත් 18000 ක පමණ ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Rate this item
(0 votes)