March 29, 2024

තොණ්ඩමන්ගේ ඇමති ධූරය අගමැති මහින්දට

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් දැරූ කැබිනට් අමාත්‍ය ධූරය වන ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධූරයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබේ.

අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අගමැතිවරයා දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම අමාත්‍යධූරය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු විය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 June 2020 13:02