March 29, 2024

සංචාරක මගපෙන්වන්නන්‍ට දීමනාවක්

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි පුද්ගලයින් 3,500 ක් පමණ සිටින බවයි.

ඒ අනුව හෝටල්වල සේවය කරන සංචාරකයින් ගෙන්වන පුද්ගලයින්ට, අනෙකුත් සංචාරක කර්මාන්තයට අදාළ පුද්ගලයින්ට හා රියැදුරන්ට මාසික දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

සංචාරක මගපෙන්වන්නන්ට රුපියල් 20,000 ක්, රියැදුරන්ට රුපියල් 15,000 ක් බැගින් එක මාසයකට පමණක් ලබාදෙන දීමනාවක් වශයෙන් ගෙවීමට බලාපොරොත්තුවෙන් සිටින බව සිරිපාල හෙට්ටිආරච්චි මහතා කියා සිටියහ.

එම යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු ලබන මස මැද භාගයේ සිට ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

මේ සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 150 ක් පමණ මුදලක් වැයවන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හේට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)