March 28, 2024

කොරෝනා වසංගතයෙන් බේරෙන්න WHO නව මාර්ගෝපදේශ නිකුත් කරයි

Covid 19 හෙවත් නව කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නව මාර්ගෝපදේශ එළිදක්වා තිබේ. 

විශාල වශයෙන් ඒකරාශී වීම හෝ එළිමහනට පැමිණීම වෛරසය ව්‍යාප්තිය වැඩි කිරීමට හේතුවක් වනු ඇති බව ඔවුන් තවදුරටත් අවධාරණය කරමින් සිටියි. 

Covid 19 තත්ත්වය තුළ සමූහ රැස්වීම් යනු වෛරසය සම්ප්‍රේෂණය සඳහා ඇති හොඳම අවස්ථාවක් වන අතර රටකට දැරිය හැකි ධාරිතාවය කඩාකප්පල් කිරීමට එය හේතුවක් වනු ඇති බවයි එම මාර්ගෝපදේශයන්හි දැක්වේ. 

එහෙත් එවැනි ක්‍රියාමාර්ග වලින් රැකියා අවස්ථා පවා යළි ඇතිවන අතර එය මානසික සෞඛ්‍යයටද ධනාත්මක බලපෑමක් එල්ල කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 

නමුත් පවත්නා වසංගත තත්ත්වය තුළ එම සීමා පැනවීම් සිදුකිරීමට සිදුවන බව ඔවුන් පවසයි.

මහජන රැස්වීම්වලට අදාළව දේශපාලන, සංස්කෘතික,සමාජීය හා ආර්ථික පෙළඹවීම් ඇති හෙයින් බලධාරීන් විසින් ඒවායෙහි වැදගත්කම හා අවශ්‍යතාව තක්සේරු කළ යුතු අතර මහජන සෞඛ්‍ය අවදානම ප්‍රමාණවත් ලෙස විසඳා ගත යුතු බවටත් උපදෙස් දී තිබේ. 

ඕනෑම රැස්වීමකට පෙර අවදානම් තක්සේරුවක් සිදුකරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර  එම සංවිධායකයන්ට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද දැනුවත් කිරීමක් WHO වෙතින් සිදු කර ඇත. 

ඒ අනුව ක්‍රමානුකූල ගෙන්වීම,ප්‍රවාහන පහසුකම් වැඩි කිරීම,ආසන වෙන්කිරීම,ස්ථානීය ධාරිතාව අවශ්‍ය පරිදි සකස් කිරීම,එළිමහන් හෝ ගෘහස්ත ලෙස අවස්ථා සංවිධායනය කළ හැකි වීම හා ශාරීරික දුරස්ථභාව,කැස්ස ඇතිවන විට අනුගමනය කළ යුතු දේ,දෑත් පිරිසිදුව තබා ගැනීම වැනි උපදෙස් මාලාවක් හඳුන්වා දීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත. 

මේ අතර වයස අවුරුදු 65ට වැඩි අය මෙන්ම දරුණු රෝගා බාධ වලින් පෙළෙන්නන් වෙන්ව ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වැනි ක්‍රියා මාර්ගද ගත හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙයි.

Rate this item
(0 votes)