April 24, 2024

බස් ගැමුණුට පිස්සු තද වෙයි

මගීන් ආසන සංඛ්‍යාවට පමණක් ගෙන යන්නේ නම් බස් ගාස්තු වැඩි කළ යුතු බවට බස් සංගම් නියෝජිතයෙකු වන ගැමුණු විජේරත්න මහතා කර තිබෙන ඉල්ලීම මගීන් ජනයාගේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබේ.

මේ වන විටත් අදාළ බලපත්‍රයේ සඳහන් ආසන සංඛ්‍යාවටත් වඩා ආසන පනවමින් බස් රථ ධාවනයට පෞද්ගලික බස් හිමියන් පියවර ගෙන තිබෙන අතර පෞද්ගලික බස් සම්බන්ධයෙන් ඇති විධිවිධානවලට අනුව හිටගෙන ගෙන යා හැක්කේ ඉඳගෙන සිටින මගීන් සංඛ්‍යාවෙන් අඩක් පමණයි.

එනම් ආසන 42ක බස් රථයක හිටගෙන මගීන් 21ක්ද, ආසන 44ක බස් රථයක හිටගෙන මගීන් 22ක් ද ගෙන යෑමට පනවා ඇති නීතිරීති මීට දශක දෙකකට පමණ පෙර ක්‍රියාවට නැංවීමට එවකට සිටි ආණ්ඩු උත්සාහ කළද එය සාර්ථක නොවීය.

මේ වන විට බස් රථවල සිටගෙන තබා ආසන ගණනටවත් ගෙනියෑමට අවශ්‍ය මගීන් පිරිසක් තවමත් ගමන් නොකරන බවද හෙළිදරව් වේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 31 May 2020 23:08