April 25, 2024

තොණ්ඩමන් පාර්ශවයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට බලපෑම් කරලා

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පාර්ශවයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

සියලු සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍යවරයාගේ මරණය සිදුවූ දින සිටම එම පිරිස වගකීම් විරහිතව ක්‍රියා කරන බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව රටපුරාම සමස්ත ජනතාව පෙල ගැසිය යුතු බවද ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

මිලඟ කොරෝනා රැල්ලට මෙය හේතුවක් විය හැකි බවද බෝවන රෝග පිලිබඳව අධ්‍යයනය කරන, රාජකාරි ඉටුකරන නිසි නිලධාරින් කණ්ඩායමක් ලෙස තමන් අනතුරු අඟවා සිටින බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී සිටියි.

මෙවැනි වැරදි ආදර්ශයන් හේතුවෙන් රටේ මහජනතාවද කොව්ඩ් නිවාරණය සම්බන්ධයෙන් තිබෙන කැපවීම අවම වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියි.

Rate this item
(1 Vote)