March 29, 2024

කොරෝනා ආසාදිතයින් ග‍ණන 1630 දක්වා ඉහළට

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ. 

ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1630 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. 

අද දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් දස දෙනාගෙන් නව දෙනෙකු විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකු වන බව සඳහන්.

මේ අතර මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 800 ඉක්මවා ගොස් තිබේ. 

ඒ අද දිනයේ තවත් රෝගීන් විසි දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

Rate this item
(0 votes)