April 19, 2024

“සයිබර් ප්‍රහාර උත්සාහයේ දී දත්ත සොරා ගැනීමක් සිදු වී නැහැ” – ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

සයිබර් ප්‍රහාර උත්සාහයේදී දත්ත සොරා ගැනීමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT)පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් මෙරට වෙබ් අඩවි 2 ක් අක්‍රීය කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් තහවුරු කර ගෙන ඇති බවය.

මෙම ක්‍රියාකාරීන්ගේ අවසාන පරමාර්ථය වන්නේ අවධානය දිනා ගැනීම සහ මතවාදයන් පැතිරවීම බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස් මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු කියා සිටියේ, මෙහිදී සිදුව තිබෙන්නේ වෙබ් අඩවියක් ‘විකෘති කිරීම’ එනම් ප්‍රහාරකයා විසින් වෙබ් පිටුවෙහි හෝ වෙබ් අඩවියේ දෘශ්‍ය පෙනුම වෙනස් කිරීම බවය.

වෙබ් අඩවි අපකීර්තියට පත් කිරීමේ මෙම උත්සාහයේදී දත්ත සොරා ගැනීමක් සිදුවී නොමැති බව ලාල් ඩයස් මහතා අවධාරණය කළේ ය.

සයිබර් ප්‍රහාරකයන් විසින් සිදු කර තිබු විකෘති කිරීම් හඳුනාගෙන අවස්ථානුකූලව කටයුතු කිරීමට කාර්ය සාධක බලකා කණ්ඩායමට හැකිව තිබේ.

මෙම සිදුවීම පෙරවරු 6.38 ට අනාවරණය වී ඇති අතර පෙරවරු 7.30 වන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරුවන් විසින් වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බව ලාල් ඩයස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)