April 23, 2024

සෞඛ්‍ය අංශවල නිර්දේශවලින් පමණක් මැතිවරණයක් කරන්න බෑ - සමන්ත විද්‍යාරත්න

සෞඛ්‍ය අංශවල නිර්දේශ වලින් පමණක් මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත් මැතිවරණ කොමිසම ද තමන්ට ඒ සඳහා ඇති හැකියාව ප්‍රකාශ කළ යුතු බවත් ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

එසේම දේශපාලන විශ්ලේෂකයෝ හා දේශපාලන පක්ෂවල අදහස් ද මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණය කිරීමට වැදගත් වන බවයි ඒ මහතා කියා සිටින්නේ.

ඒ මහතා මේ බව සඳහන් කළේ බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මැතිවරණයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවැත්වීමට නම් සියලු පාර්ශවවලට තරඟ කළ හැකි වාතාවරණයක් ඇති විය යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටින්නේ.

"සමබිමක මැතිවර‍ණයක් තියන්න නම් අපේ පාර්ශවයේ අදහස් යෝජනාත් ගන්න ඕනේ. නැතිනම් කොරෝනා මැතිවරණ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඒ හරහා ඡන්ද රැස් කරන විදිහට මේ යන දේශපාලනය කැත දේශපාලනයක්.." සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 31 May 2020 12:53