April 25, 2024

පාස්කු බෝම්බ කරුවන්ගේ වීඩියෝවේ රහස් හෙළිවෙයි Featured

පාස්කු ඉරිදා බෝම්බ කරුවන් ගේ බවට සැලකෙන වීඩියෝව පැය දෙකකට වඩා කාලයක් පටිගතකර ඇති බව පාස්කු ඉරිදා ප්‍රහාරයේ තතු විමසන ජනපති කොමිසම හමුවේ හෙලිවෙයි.

බුද්ධි අංශ නිලධාරියෙකු සාක්ශි දෙමින් කියා ඇත්තේ එය අන්තර්ජාලයට එක් කර ඇත්තේ විනාඩි තුනක් වුවත් සම්පූර්ණ වීඩියෝව පැය දෙකකට වඩා දිගු බවය.

එය රූගත කර ඇත්තේ පාස්කු ප්‍රහාරයට පෙරදා ගල්කිස්සේ පිහිටි බෝම්බකරුවන්ගේ තිප්පොලක බවත් හෙලිවී තිබේ.

එහිදී සහරාන් පවසා තිබෙන්නේ  සිරියාවේ සහ ඉරාකයේ මුස්ලිම් විරෝධීන් ලංකාවේ හෝටල්වල ලැගුම් ගන්නා නිසා හෝටල් ඉලක්ක කරගන්නා බවය.

නවසීලන්තයේ මුස්ලිම් සංහාරය සහ ලෝකයේ රටවල් වල මුස්ලිම් විරෝධී ක්‍රියාමාර්ග නිසා මෙම ප්‍රහාරය සැලසුම් කළ බව ද සහරාන් එහිදී පවසා තිබේ.

ප්‍රහාරය සැලසුම් කල තිදෙනෙකු එම වීඩියෝවේ දැක්වෙන අට දෙනා අතුරින් හඳුනා ගත් බවද බුද්ධි අංශ නිලදාරියා කොමිසම හමුවේ පවසා ඇත.

Rate this item
(1 Vote)