April 19, 2024

ඉදිරි මහමැතිවරණයේදී එජාපයට දෙන ඡන්ද මහින්ද අගමැති කරන්න දෙන ඡන්ද වෙනවා

ඞීල් දේශපාලනය ඉවත් කරගත යුතු කාලය පැමිණ තිබෙන බව හිටපු රාජ්‍ය ඇමැතිවරයෙකු වන අශෝක් අබේසිංහ මහතා පැවසීය.

කුරුණෑගල සිය කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම එසේ සඳහන් කළේය. එජාප මහලේකම් සමගි බලවේගය වටා එක්වී සිටින එජාප මන්ත‍්‍රීවරුන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විනය පරීක්ෂණයක් පවත්වා පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු කරන බවට සියලූම මන්ත‍්‍රීවරුන්ට ලිපියකින් දැනුම් දී තිබෙන බවට පුවත්පත් මගින් කළ දැනුම් දීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුවකැඳවා තිබුණි.

හෙතෙම මෙසේද කීය.

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය ගන්න තීන්දු මත 80 ක් වූ මන්ත‍්‍රීවරුන් වන අප සියලූ දෙනා පක්ෂයෙන් නෙරපීමට තීන්දු කරන්න පුළුවන්ද? එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මේවනවිට 69 යි ඉන්නේ. මේ 69 න් 40කට වැඩි බහුතරයක් සමගි ජනබල වේගයෙන් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනවා. එජාප පාක්ෂිකයින්ගේ අභිමානය වෙනුවෙන් සටන් කළ එජාප මන්ත‍්‍රීවරුන් වන අප සියලූ දෙනාගේ බලාපොරොත්තුව වුණේ මේ රටට නිදහස ලබාගැනීමට පුරෝගාමීව කටයුතු කළ රටට වැඩියෙන්ම සේවය කළ එජාපයේ නැතිවී ගිය අභිමානය නැවත රැුකගැනීම සඳහා නැවත එජාප රජයක් පිහිටුවීමයි.

මේ සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත්ත තීන්දුවක් මත එළැඹෙන මැතිවණයට සන්ධානයක් හෝ බලවේගයක් හදා එහි අගමැති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා පත්විය යුතු බවත් මහලේකම් පත්කිරීමේ බලයත් එතුමාට තිබිය යුතු බවට තීරණය කළා. ඉදිරි මැතිවරණයේදී එජාප වෙනම තරග කළ යුතුයි කියලා තීරණය කළේ නෑ. මේ විදිහට එජාප මහලේකම්වරයා මන්ත‍්‍රීවරුන්ට ලිපියක් තැපැල් කළා කියන කාරණාව විහිළුවක්. රාජපක්ෂලාගේ දෑත ශක්තිමත් කරන්න කටයුතු කරන අයට වෙනම නීතියකුත් එජාප අභිමානය රැුකගන්න යන අයට වෙනම නීතියක් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල ව්‍යවස්ථාවේ තිබෙනවාද ?

මේ රජයේ ඉන්න බහුතරයක් ඇමතිවරු අපේ රජය කාලයේ අධිකරණයෙන් චෝදනා ලැබූ අය. ඒ කාලයේ තීන්දු තීරණ ගන්න වැඩපිළිවෙලක් තිබුනෙ නෑ. එජාපයෙත් අධිකරණයෙන් චෝදනා ලද අය ඉන්නවා. ඒ අයටත් මේ රජයෙන් නීතිය කි‍්‍රයාත්මක වෙන්නෑ. මේ තියෙන්නෙ ඞීල් දේශපාලනයක්. මෙහෙම හැමදාම වෙන්න දෙන්න බෑ. ඊළගට පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාප යට ජන්දය දෙන සෑම ඡුන්දයක්ම මහින්ද රාජපක්ෂ අගමැති කරන්න දෙන ජන්දයක් බවට පත්වෙනවා.

Rate this item
(0 votes)