April 25, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනයට පැනවූ සීමාවන් ලිහිල් කිරීමෙන් වෛරසයේ අවදානම පහව නොයන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත ඩේවිඩ් නැබරෝ බී.බී.සී පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ පුද්ගලයින් සමාජය තුළ ගැවසීම ඉහළ යාමත් සමඟ වෛරසයේ නව පැතිරීම් ද ශීඝ්‍රයෙන් වර්ධනය විය හැකි බවයි.

මෙම හේතුවෙන් සංචරණ සීමාවන් ලිහිල් කෙරුණ ද හැකි සෑම අවස්ථාවකම පුද්ගල දුරස්ථභාවය තබාගැනීම ඉතා වැදගත් වන බව ඔහු පෙන්වාදී තිබේ.

එමෙන්ම යම් රෝගී තත්ත්වයක් පවතින්නේ නම් ස්වයං නිරෝධායනයට යොමු වීමට පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත ඩේවිඩ් නැබරෝ සඳහන් කර ඇත්තේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සංචරණ කටයුතු සීමාකිරීම සඳහා පැනවූ සීමාවන් ඇතැම් රටවල් විසින් ලිහිල් කිරීමත් සමග නව ආසාදිත පොකුරු හඳුනාගැනීම් එම රටවලින් වාර්තා වී තිබුණි.

Rate this item
(0 votes)