April 20, 2024

ආසන ගාණට මගීන් ගෙනියන්න නං බස් ගාස්තු වැඩි කරන්න - ගැමුණු

මගී ප්‍රවාහන බස් රථවල ආසන ගණනට මගීන් ගෙනයාම නීතියක් ලෙස සම්මත කරන්නේ නම් ඊට සාපේක්ෂව බස් ගාස්තු ද වැඩි කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ, පවතින බස් ගාස්තු මත ආසන ගණනට පමණක් මගීන් ගෙනයෑම සිදු කළහොත් බස් කර්මාන්තය සම්පූර්ණ කඩාවැටෙන බවයි.

කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතුවෙන් මගී බස්රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙනයෑම දැනට ක්‍රියාත්මක වන අතර එය ඉදිරියේදී නීතියක් ලෙස සම්මත කිරීමට කටයුතු කරන බවයි විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ආසන ගණනට පමණක් මගීන් ගෙනයෑමට සංකල්පයක් ලෙස එකඟ වන බවයි. කෙසේ වෙතත් එය ක්‍රියාත්මක කිරීමට නම් ඊට අදාල ප්‍රායෝගික ගැටළුවලට විසඳුම් ලබාදිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

Rate this item
(0 votes)