April 20, 2024

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද ගත් තීන්දුව

එළඹෙන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන පක්ෂවලින් නාමයෝජනා ලබාගත් සාමාජිකයින් 99 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තහවුරු කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය කිසිදු ගිවිසුමකට එළඹෙන්නේ නැති බවය.

මේ අතර මැයි මස 22 වෙනිදා අලුතින් පත් කරනු ලැබූ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 08 දෙනා ගේ පත්වීම් ස්ථිර කිරිමටද අද රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය පියවර ගනු ලැබූ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කර සිටියි.

Rate this item
(0 votes)