April 19, 2024

අපේ කවුරුවත් යන්නේ නැහැ - ඕක රනිල්ගේ බංකොළොත් වැඩක් Featured

සමගි ජන බලවේගයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන බවට එජාපය ගෙන යන මතය රනිල් වික්‍රමසිංහ මහතාගේ තවත් අසාර්ථක බංකොළොත් උත්සාහයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්ත නායක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

මේ කරුණ දේශපාලන පදනමකින් තොරව තාර්කිකව බැලුවොත් ඒ බව ඔප්පු වෙන බවත් සමගි ජන බලවේගයෙන් නාම යෝජනා දී තිබෙන කිසිවෙක් එජාපයට සම්බන්ධ වුවහොත් ඉදිරි මහා මැතිවරණයේ දී පාක්ෂිකයන් ඔවුන්ට ඡන්දය නොදෙන බවද අත්තනායක මහතා පෙන්වා දෙයි.

ඒ නිසා කිසිවෙකු පරාජය වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කියන ආකාරයට දේශපාන වශයෙන් සියදිවි නසා ගැනීමට කටයුතු නොකර බවද හෙතෙම සඳහන් කරයි.

තමන් එජාප මහ ලේකම් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කළ බවද ඔහු මෙවැනි උපක්‍රම එදා සිටම යොදන බවත් එදා එම උපක්‍රම යම් සාර්ථකත්වයක් ලැබුවද අද ඒවා යල් පැන ගිය උපක්‍රම බව අත්තනායක මහතා අවධාරණය කරයි.

සමගි ජනබලවේගයෙන් එජාපයට එමට කැමැති කෙනෙකු සිටියි නම් ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගන්නා බව එජාප නීති ලේකම්ට රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන බවට කෙරෙන ප්‍රකාශය හුදෙක් විහිළු සහගත එකක් බවද ජාතික සංවිධායකවරයා සඳහන් කරයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 26 May 2020 22:57